නිමිත්ත: නවාතැන ලඟින්
හොඳවායින් කියාගෙන,කොහේදෝ යන “කලු අයියා” ආගිය අතක් නැත.
පොල් ගහක් දෙකක් නැග එදා වේලට හොයපු
ඉඳ හිටල මාලු වැල කර තියන් කෑ ගහපු
ඌ සතෙක් ඌ සතෙක් ගමේ උන් ජප කරපු
හිතවතෙක් උඹ අයියෙ දා පටන් අපි ආපු
අඩියක් ගහල රෑට ලෝකෙම ගෑනුන්ට
දන්න හැම වචනෙන්ම බැන්නට උඹ උන්ට
අපිට නම් තේරුනා පිස්සු නෑමයි උඹට
මන්ද, උඹ කදුළු සැලුවා උඹේ අම්මාට
අන්න අර තිරිසනා කපලාලු මිනිහෙක්ව
මතකයි කියනවා ගම්මු උඹෙ කෙරුවාව
මාසයක් දෙකක් දැන් නෑ උඹ් ඡායාව
පොල් ගසුත් බර වෙලා ටික දොහට නුඹ නාව
“රහසක්” තියනවා මයි උඹේ තද කරන්
එන දාට කියාපන් ලෝකෙටම වෙර අරන්
“ඌ සතෙක්” කියූ උන් ඉකි බිඳියි සොටු පෙරන්
“කලු” අයියෙ දැන් වරෙන් උඹේ කවියත් අරන්