Pages

Saturday, December 22, 2018

පැමිණේවි දවසක්..


පැමිණේවි දවසක්..
නොසිතූ වෙලාවක...
අායෙමත් මුණ ගැහෙන....

ස්තිරයි... එදාටත්..
මම නම් මමම වග..
ඔබ නම් ඔබ නොවන...

අද වගෙම එදාටත්..
හිනා වෙන්නම් ඉතිං...
දුක හිතේ තියාගෙන..

කියනවද මට එ්ත්..?
බිම බලන් නොයන වග..
එදාටත් අද වගෙම...

Saturday, September 22, 2018

සුවඳ ඇති මට...


රුදුරු කතරට දිය බිඳුව විය..
අඳුරු අහසට පුන් සඳත් විය...
මහද කවි පොත,හොඳම කව විය...
හිසර විද අද මහද හැර ගිය....

දනිමි නොලැබෙන බවද සදහට...
ගතිමි තිර වෙර, නොබල පසුපස...
පුදමි මිතුදම, ඉරා සෙනෙහස...
කඳුලු නැත අද..
සුවඳ ඇති මට...

Wednesday, May 16, 2018

දුම්රිය සහ ගැහැනිය

දුම්රියකි...
මොහාතකට,
ජීවිතය...
වෙනස් කල....

ගැහැනියකි ...
නාඳුනන,
දුම්රියෙන්...
නික්ම ගිය....

Wednesday, May 9, 2018

නොකියාම ඇවිදින්..
දෙපළු කල හදත් ගෙන...
මට යන්න අවසරයි... 
නොකියාම ඔබෙන් අද... 


පැමිණේවි දවසක්..

පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...