Pages

Thursday, December 22, 2016

අමතකවු, මතකයන්..

තිත් තිත් හිල් ඇඳපු...
ඇදවුණු මැටි බිත්ති....
රෑ අහසෙ තරු දිලෙන...
ටකරං උඩු වියන්...
විල්ලුද කුෂන් දුර,
ඇදවුණු චිරි චිරිය...
සිහිවෙනව දැන් දැන්
අමතකවු මතකයන්...


මොන්ටිසෝරියෙන්, එකට

සෙල්ලමක් නං නෙවෙයි...
අවුරුදු තුනක්, හතරක්...
සිහින පැක් කරා...
ඇඩ්වාන්ස් මට්ටමින් .....!!!


සරසවිය මං ගියපු,
හොඳටෝම මොඩ් වෙලා...
මොන්ටිසෝරියකට...
විශ්ව මට්ටමින් .....!!!

සිහින පැක් එහෙම්මම...
පල් වෙවී, අල වෙවී...
දෙල් වෙනව ජීවිතය...
දැන දැනම අත මුලම....

යන්නට කාලයයි...
සිහින පොදිලිහන්නට...
කාලයත් අත වනයි...
එකේ පන්තියට වත්....!!!



Thursday, December 15, 2016

බුද්ධිකයා.....



බුද්ධිකයා... එකම පන්තියේ....
යාබද පුටුවෙ හිටපු....
මගෙ හොඳම යාළුවා....

ශිෂ්යත්වෙ උඩින්ම පාස්.
ලෙවල් අටක්...
ලෙවෙල්..
මොකට අහනවද?
කෙලින්ම මෙඩිකල් කොලේජ්....

ආරංචියක් නැතිව...
ගතවුනා කාලයක්....
ඒත් හිටපු ගමන්.
ආව ගමේ ඉස්පිරිතාලෙට.

උහුලන්ඩ බෑ ඔලුවෙ කැක්කුම
හනිකට ගියා ඉස්පිරිතාලෙට...
බුද්ධියා කියනවද...
මචං කියනවද....
ඩොක්ටර් කියනවද....
නෑ නිනව්වක් හිතට....

කිරිපාට දොස්තර ලෝගුව.
මත සැතපෙන වෙද නලාව...
ඇදිනුවෙනම් නෑ මාව...
මතක් කරාට පස්සෙ...
ඔලුව පොඩ්ඩක් වැනුවා...
කට කොනකින් හිනා වී....
ඉතින් කොහොමද ඇහුවා.....


එච්චරයි... .. නෑ නෑ....
බෙහෙත් තුන්ඩුව දුන්නා...

මෙඩිකල් කොලීජි තේරුන උඹට.
ඉස්කොලෙන් තිබ්බ උපහාරෙට....
මුලු රැයක් නිදි මරාගෙන...
වේදිකා සැරසිලි කරද්දී....
පිහියට කැපුණු පිටිඅල්ලේ...
තවමත් රැඳුණු තුවාල කැළලෙන්.
හීන් රිදුමක්....
මතුවී ආවා....

දොස්තර විභාගය තියා...
ලිපිකරුකමක්වත් බැරි විදිහට...
ඩබ්ලිව් අටක්ම අරගෙන...
ඉස්කෝලෙන් එලියට විසිවුණ මම...
වැරදිලාවත් මා දිහා බලපු නැති...
සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට...
අනේක වාරයක්...
හදවතින්ම පිං දුන්නා.....
                     
                     -සුමේධ-






Wednesday, October 26, 2016

ලොකු අයියාට...

පාලු මූසල මැදියම..
නෑ නින්ද අහලකවත්...
ඉකියක්...? නෑ නෑ සිනහවක්..
ඇගේ කුටියෙන්...

කියන්නම් අහනවද?
ලොකු අයියෙ අපි ගැන..

පිස්සු ගෑණිගෙ දුවට,
අපි හැදුවෙ නෑ ලමයි..
හැමදාම ඔය බණ..
ඒත් දැන් මොනාටද?
නංගිත් බාල්කෙට....

හිතේ මොනවද තියන්,
තාත්තත් නැවතුනා..
ඉවසන්න බැරිම තැන
ලොකු එකෝ කියාගෙන...

ලඟදිම එනව කියල
නේද උඹ රට ගියේ..?
බලා ඉඳලම බැරිව,
අම්ම දැන් ලෙඩ ඇඳේ...
ඹ්න නෑ මාළිග, ලොකු වැඩියි
මැටි ගේත්...
වරෙන් ඩිංගක් මෙහෙට,
පිස්සු අම්මත් වළ කටේ.....


-පොඩි මල්ලී-


පැමිණේවි දවසක්..

පැමිණේවි දවසක්.. නොසිතූ වෙලාවක ... අායෙමත් මුණ ගැහෙන .... ස්තිරයි... එදාටත්.. මම නම් මමම වග .. ඔබ නම් ඔබ නොවන ... අද ...