බුද්ධිකයා... එකම පන්තියේ....
යාබද
පුටුවෙ හිටපු....
මගෙ
හොඳම යාළුවා....
ශිෂ්යත්වෙ උඩින්ම
පාස්.
ඕ
ලෙවල් ඒ අටක්...
ඒ
ලෙවෙල්..
මොකට
අහනවද?
කෙලින්ම මෙඩිකල් කොලේජ්....
ආරංචියක් නැතිව...
ගතවුනා
කාලයක්....
ඒත්
හිටපු ගමන්.
ආව
ගමේ ඉස්පිරිතාලෙට.
උහුලන්ඩ බෑ ඔලුවෙ කැක්කුම
හනිකට
ගියා ඉස්පිරිතාලෙට...
බුද්ධියා කියනවද...
මචං
කියනවද....
ඩොක්ටර් කියනවද....
නෑ
නිනව්වක් හිතට....
කිරිපාට දොස්තර ලෝගුව.
ඒ
මත සැතපෙන වෙද
නලාව...
ඇදිනුවෙනම් නෑ මාව...
මතක්
කරාට පස්සෙ...
ඔලුව
පොඩ්ඩක් වැනුවා...
කට
කොනකින් හිනා
වී....
ඉතින්
කොහොමද ඇහුවා.....
එච්චරයි... ආ.. නෑ නෑ....
බෙහෙත්
තුන්ඩුව දුන්නා...
මෙඩිකල් කොලීජි තේරුන උඹට.
ඉස්කොලෙන් තිබ්බ උපහාරෙට....
මුලු
රැයක් නිදි මරාගෙන...
වේදිකා
සැරසිලි කරද්දී....
පිහියට
කැපුණු පිටිඅල්ලේ...
තවමත්
රැඳුණු තුවාල කැළලෙන්.
හීන්
රිදුමක්....
මතුවී
ආවා....
දොස්තර
විභාගය තියා...
ලිපිකරුකමක්වත් බැරි විදිහට...
ඩබ්ලිව් අටක්ම අරගෙන...
ඉස්කෝලෙන් එලියට විසිවුණ මම...
වැරදිලාවත් මා දිහා බලපු
නැති...
සියලු
දෙවිදේවතාවුන් වහන්සේලාට...
අනේක
වාරයක්...
හදවතින්ම පිං
දුන්නා.....
-සුමේධ-
No comments:
Post a Comment